ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ‘ලිට්ල් හාර්ට්’ අරමුදල වෙනුවෙන් යුද හමුදාවේ මූල්‍ය පරිත්‍යගයක් ජනපතිට භාරදෙයි Featured

    මැයි 11, 2018

    ‘ලිට්ල් හාර්ට්’ අරමුදල සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් රුපියල් මිලයන 70 ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර එම මුදල නිල වශයෙන් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබී

    යුද හමුදාවේ සියලුම සාමාජිකයින්ගේ දින භාගයක වැටුප මෙලෙස ලිට්ල් හාර්ට් අරමුදල වෙත පිරිනමා තිබේ.

    යුද හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් කපිතාන් පියුම් චේතනා, බලලත් නිලධාරි සුමිත් විජේසිංහ, සොල්දාදුවන් නියෝජනය කරමින් රුවන් කුමාර සැපර්, කාන්තා සොල්දාදුවන් නියෝජනය කරමින් කාන්තා සංඥා සෙබළ කේ.ටී. දිනක්ෂි යන සාමාජික සාමාජිකාවන් විසින් මෙම මුදලට අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    ජනාධිපතිතුමා විසින් එම චෙක්පත ‘ලිට්ල් හාර්ට්’ අරමුදලේ වෛද්‍ය දුමින්ද සමරසිංහ සහ එහි සාමාජික සුමේධ රණසිංහ යන මහත්වරුන් වෙත භාරදෙනු ලැබීය.

    යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya