ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් ආයෝජනයන්ට ශ්‍රමිකයන් නොමැතිනම් විදේස් ශ්‍රමිකයන් ගෙන්වීම හොඳයි

    මැයි 22, 2018

    විදේශ ආයෝජන නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවත් ආයෝජකයන් ආවත් ශ්‍රමිකයන් නොමැති බවත් ඇතැම් විදෙස් ආයෝජනවලට අවශ්‍ය ශ්‍රමිකයන් විදෙස් රටවලින් ගෙන්වන්නේ නම් එය ඉතා හොඳ කටයුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය අද (22)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

    විවාදයේ අඳහස් දැක්වූ මන්ත්‍රීවරයා;
    අප වැනි රටකට විදේශ ආයෝජන නැතිව යන්න බැහැ. විදේශ ආයෝජකයන්ට පහසුකම් ලබාදීලා, විදේශ ආයෝජන ගෙන්වීමයි අමාත්‍යාංශය හරහා කෙරෙන්න අවශ්‍යය. සමහර කර්මාන්ත මේ රටේ කරන්න එනකොට, කර්මාන්තවලට අවශ්‍ය ශ්‍රමිකයෝ මේ රටේ නෑ. කොම්පියුටර් සම්බන්ධයෙන් විෂයක් ගත් විට ඒ ශ්‍රමිකයෝ මෙහෙ නෑ. පිටරටින් ගේන්න දෙන්නෙත් නෑ. ආයෝජනය ගෙන්න කියනවා, ශ්‍රමිකයෝ නෑ. ආයෝජකයන් කීපදෙනෙක් ඉල්ලුවා. ආයෝජකයෝ කැඳවා සොයා බලන්න. එහෙම ලැබෙනවා නම් ඉතාම හොඳයි. ඒ ක්ෂේත්‍රයන් සඳහා එන්න දෙනවා කියලා කියනවා නම්, ඒ ගැන ස්තූතිවන්ත වෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya