ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු දොළොස්දහසක් ප‍්‍රදානය කිරීමේ “රන් දියවර” ඔප්පු ප‍්‍රදානෝ්ත්සවය ජනපති ප්‍රදානත්වයෙන් Featured

    ජූනි 02, 2018

    ආහාර සුරක්ෂිතතාවයෙන් හෙබි සමෘද්ධිමත් සංවර්ධිත රටක් උදෙසා දැවැන්ත කැපකිරීමක් සිදුකරන ශ‍්‍රී ලංකාවේ ගොවි විරු පරපුරට අභිමානවත්ව නැගී සිටිය හැකි හෙට දවසක් උදාකරමින් සිය වගාබිම් හා පදිංචි ඉඩම් සඳහා සින්නක්කර උරුමය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගනු ලැබූ තීරණය තවදුරටත් යථාර්තයක් කරමින් මහවැලි බී, සී හා රඹකැන්ඔය කලාපයේ ඉඩම්ලාභීන් සඳහා ඉඩම් ඔප්පු 12,000 ක් ප‍්‍රදානය කිරීමේ “රන් දියවර” ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්   (01) දින පෙ.ව 10.00 ට අරලගංවිල මඟුල්දමන මහා විද්‍යාලයේදී පැවැත්විණි

    දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහනට ඇතුළත් මහවැලි කලාපයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ මෙය කි‍්‍රයාත්මක කෙරේ.

    මහවැලි ගොවිජනතාව දීර්ඝකාලයක් පුරා මුහුණදුන් ගැටලුවකට විසඳුම් ලබාදෙමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ උපදෙස් පරිදි මෙම වැඩසටහන 2016 වසරේදී කි‍්‍රයාවට නැංවුණු අතර මේ වන විට එම ඉලක්කය සපුරාලමින් මහවැලි කලාපය තුළ පමණක් ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීම සිදුකර තිබේ. මේ අතර 2018 වසර තුළ පමණක් අවසර පත‍්‍ර, ප‍්‍රදාන පත‍්‍ර හා දිගුකාලීන බදුකර යටතේ තවත් ඉඩම් ඔප්පු 40,000 ක් ලබාදීම සිදු කෙරේ.

    ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුව පසුගිය 2017 වසරේදී මහවැලි බී, සී හා එච් කලාපයන්හි ද මොරගහකන්ද, වික්ටෝරියා, හුරුළුවැව හා වලව යන ජනපදිකයින් සඳහා මෙම වැඩසටහන යටතේ ඔප්පු හා බලපත‍්‍ර ලක්ෂයක් ලබාදී තිබෙන අතර ඒ අනුව නිත්‍යානුකූල ඉඩම් හිමිකමක් නොමැති පාසල්, රෝහල්, පොලිස් ස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන 12,573 ක් සඳහා ද ඉඩම් හිමිකම ලබාදී තිබේ.

    හෙට දිනයේදී මහවැලි බී, සී හා රඹකැන්ඔය කලාපයේ බෞද්ධ විහාරස්ථාන 22 ක් සඳහා නිදහස් දීමනා පත‍්‍ර හා රාජ්‍ය ආයතන 50 ක් සඳහා ඉඩම් පැවරීම ඇතුළුව ඉඩම් ඔප්පු 12,000 ක් ප‍්‍රදානය කිරීම සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya