ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දඹුල්ලට නව රෝහලක්- ඉඩම රංගිරි දඹුලු රජමහා විහාරයෙන් Featured

    ජූනි 03, 2018

    දඹුල්ල නව රෝහල ඉදිකිරිම සදහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භූමියක් ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ.

    ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා නාහිමියන් හමු වී මේ පිළිබදව සාකච්ඡා කළ අවස්ථාවේ දීය. මෙම හමුව රංගිරි ද,ඹුලු රජමහා විහාරයේ දී පසුගියදා පැවැත්විනි.

    ප්‍රංශ රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 7000 ක මුදලක් වැය කරමින් නව රෝහල ඉදිකිරීමට නියමිතය. දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මලික රෝහලේ පවතින තදබදය සහ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා නව රෝහල ඉදිකිරිමට සෞඛ්‍ය අඅමාත්‍යවරයා තීරණය කර ඇත. ඒ අනුව මෙම නව රෝහල ඉදිකරන අතර, ඒ සදහා ඉඩමක් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළ බව භාරකාර නාහිමියන් මෙහිදී පැවැසිය. මෙහි මැනුම් කටයුතු ඉදිරියේ දී සිදු කරන බවත්, රෝහල කඩිනමින් ඉදි කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා නාහිමියන්ට දැනුම් දුන්නේය.
     මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, දඹූල්ල නගාරාධිපති ජාලිය ඕපාත, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි හේවා පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya