ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විශේෂ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට ලෝක බැංකුවේ සහයෝගය Featured

    ජූනි 05, 2018

    ලෝක බැංකුවේ තිරසර සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල වැඩසටහන් කලමනාකරු ලෙස කටයුතු කරන   Andrew Goodland මහතා ඊයේ (04) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළේ ය.

    විශේෂයෙන් ම ශ්‍රී ලංකාවට මේ වනවිට අත්‍යවශ්‍ය කාරණයක්ව පවතින අපනයන කෘෂිකර්මය නංවාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කළේ ය.

    ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගැනීම, අපනයන මත පදනම් වූ කෘෂිකාර්මික ක්‍රියාවලියක් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම, කාලගුණ විපර්යාස නිසා ගොවිතැනට සිදුවන හානි සහ එම අභියෝග ජය ගැනීමට කටයුතු කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

    එමෙන්ම හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක බැංකු නියෝජිත වරයාගෙන් ඉල්ලීමක් කළේ ය. එම ඉල්ලීමට එකඟත්වය පළකරමින් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද මෙහිදී ලෝක බැංකුවේ නියෝජිතවරයා එකඟත්වය පළ කළේ ය.

    මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී.විජයරත්න මහතා, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ සභාවේ සභාපති ජෙරී ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya