ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    109 වැනි බන්ධනාගාර දිනය සමරයි Featured

    ජූලි 17, 2014
    109 වැනි බන්ධනාගාර දිනය නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරු 5.30ට වැලිකඩ බන්ධනාගාරයේ ස්මාරකය අභියසදී  පැවැත්විණි.  

    මෙහිදී  සේවයේ නියුතුව සිටිය දී මියගිය බන්ධනාගාර නිලධාරීන් 11 දෙනෙකු වෙනුවෙන් පුෂ්පෝහාර පැවැත්විය. 

     

    මෙහිදී අදහස් දැක්වූ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා පැවසුවේ, ඉහළ කැපවීමක් ලබාදෙමින් නිසි මඟකට යොමුකරන්න ක්‍රියාකිරීමේ දී ජීවිත පරිත්‍යාග කළ විරුවන් 11 දෙදෙනෙකු වෙනුවෙන් පුෂ්පෝපහාර පුද කරන බවත් මෙය වාර්ෂිකව අඛණ්ඩව පවත්වාගෙන ඒම පිළිබඳ ව කොමසාරිස් ජනරාල්තුමාට හා සංවිධායක මණ්ඩලයට ගෞරවය පිරිනමන බවත්ය.

     

    අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව, දෙපාර්තමේන්තුවක් ලෙස වර්තමාන රජය යටතේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පැවතියත් වෙනම අමාත්‍යාංශයක කොටස්කරුවන් ලෙස හිමිකම් ඇතිව ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ලැබී තියෙනවා. මේ කෙටි කාලය තුළ මේ දෙපාර්තමේන්තුව යම් ජයග්‍රහණයක් ලබලා තියෙනවා නම් ඒ ජයග්‍රහණයන් වෙනුවෙන් කැප වූ පිරිස් අතර ඉතිහාසයේ තමන්ගේ අනාගතය, තමන්ගේ දරුවන්ගේ අනාගතය, පවුලේ සබැඳියාව මේ සියල්ල අමතක කර උතුම් රාජ්‍ය සේවකයන් හැටියට තමන්ට පැවරුණු වගකීම් ඉටුකරන්න විනයගරුක රාජ්‍ය සේවකයන් ලෙස කටයුතු කරන්න මේ නිලධාරීන් 11 දෙනා කටයුතු කර තියෙනවා. පසුගිය කාලේ විවිධ දුෂ්කරතාවලට අපේ නිලධාරීන් මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විනයගරුක දෙපාර්තමේන්තුවක් හැටියට ඉතිහාසයේ තමන්ට පැවරුණ වගකීම්වලින් ඔබ්බට යමින් මේ ජීවිත පරිත්‍යාග කර තමන්ගෙ සහෘදයන්ට උපහාර පුදමින් නව මංපෙත් ඔස්සේ අලුත් හැඩතල නිර්මාණය කරමින් ඉදිරියට ගමන් කරමින් යනවා. 

     

    වර්තමානයේ අපේ නිලධාරීන් විසින් මේ බන්ධනාගාරයට ඇතුළු වන රැඳවියන්ගේ ආරක්ෂාව, රැකවරණය, පුනරුත්ථාපනය පමණක් නො ව ඔවුන් මේ සමාජයේ යහපත් පුරවැසියන් බවට පත්කරන්න, නිර්මාණශීලී මිනිසුන් හැටියට සමාජගත කරන්න, මහා පරිශ්‍රමයක යෙදී සිටිනවා. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද මේ රටේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරන බලාගාරයක් විදියට තමන්ගෙ කැපවීම ඉටුකරමින් රැඳවියන්ගේ නිපුණතා දියුණුකරමින් රටට ආදර්ශයක් දෙමින් කටයුතු කරනවා. මේ ගමන මෙසේ ශක්තිමත් කරන්න පුළුවන්කම ලැබුණේ මේවාගේ පරිත්‍යාගයන් ඔස්සේ රාජ්‍ය සේවයට ආදර්ශය සපයමින් කැපකළ මේ පිංවන්ත පරිත්‍යාග නිසයි.

     

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියලා කියන්නෙ මහා යෝධයෙක්. ඉතාම දක්ෂකම්වලින් පිරුණු විවිධ හැකියාවලින් සමන්විත දක්ෂ නිලධාරීන්ගෙන් පරිපූර්ණ වූ දෙපාර්තමේන්තුවක්. ඇත්ත වශයෙන්ම මේ දෙපාර්තමේන්තුව තුළ තිබෙන තත්ත්වය, හැකියාව බොහෝ වේලාවට සමාජයට යන්නේ නැහැ. තම ජීවිත පරිත්‍යාග කළ මේ නිලධාරීන් ඔවුන්ගේ බලාපොරොත්තු, ඔවුන්ගේ අභිප්‍රායන් මේ දෙපාර්තමේන්තුව විනයගරුක, කැපවීමෙන් ක්‍රියාකරන ඕනම අභියෝගයක් මරණය හමුවේත් භාරගන්න සූදානම් කියන පණිවිඩය ලබා දෙනවා. අපේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වෙච්ච ක්‍රියාවලියක්. ඒ ගෞරවය මේ නිලධාරීන්ට හිමිවෙලා තිබෙනවා. යම් විවේචන මේ දෙපාර්තමේන්තුවට තිබුණත් පසුගිය කාලපරිච්ඡේදය තුළ මෙහි ගෙන ගිය නව නිර්මාණශීලී වැඩ කොටස අපේ රටේ සමහරු අගය නොකළත් ජාත්‍යන්තර වශයෙන් ඇගයීමකට ලක්වෙලා තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙම අවස්ථාව සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් ඇතුළු බන්ධනාගාර නිලධාරීහු සහභාගි වූහ.

    NDH

    DSC 7634

     

     

    DSC 7639

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya