ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට ලක් වූ ආයතන 837ක වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

    ජූනි 18, 2018

    පළාත් සභා,පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 837ක් අවරණය වන පරිදි පරිගණක තාක්ෂණ පද්ධතිය මඟින් ඇගයීම් කටයුතු සම්පූර්ණ කළ වාර්තාව හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගන්නා බව  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති,ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.


    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ( COPA) වත්මන් කටයුතු සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් අද (18) බත්තරමුල්ල,වෝටර්ස් ඒජ් හි පැවැති වැඩමුළුවට සහභාගී වෙමින්
    කාරක සභාවේ සභාපතිවරයා මේ බව පැවසී ය.

    වසර 2015 දී කාර්යසාධනයක් දැක් වූ රාජ්‍ය ආයතන ඇගයීමට ලක් කළ බවත් 2016 ගිණුම් වර්ෂයට අදාළව  තවත් මාස දෙකකින් ඇගයීමේ වැඩසටහනක්, ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්
    පැවැත්වීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    පාර්ලිමේන්තු ක්‍රමය සාර්ථක කරගැනීමට මෙවැනි කාරක සභාවල සාර්ථකත්වය බලපාන බව කී කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, ඉදිරියේ දී ආයතනවල සිදුවන වැරැදි අවම කරගනිමින් ආයතනවල මූල්‍ය විනය ශක්තිමත් කිරීමට කාරක සභාවේ දායකත්වය ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කළේ ය.

     මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,


    රජ්‍ය ආයතනවල සිදුවන මූල්‍ය කටයුතු පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර වංචාකරුවන් හෙළිදරව් කිරීමත් අපේ  කාරක සභාවේ එක් කටයුත්තක්.මෙම පාර්ලිමේන්තු ක්‍රමය තුළ කාරක සභා ක්‍රමය තුළින් විශාල කාර්යභාරයක්
    සිදු වෙනවා.මේ කාරකසභාව නොතිබුණානම් මීට වඩා තත්ත්වය බරපතල වෙන්න තිබුණා.යම් මූල්‍ය විනයක්  මෙම කාරක සභාව නිසා ගොඩනැඟී තිබෙනවා.රාජ්‍ය ආයතනවල ගිණුම් ක්‍රියාවලියට යම්කිසි ආකාරයක බලපෑමක් ඇති කරනවා. කෝප්, හා ගිණුම් කාරක සභාව කෙරෙහි රාජ්‍ය ආයතන හා නිලධාරීන් අවධානයක්  පෙන්නුම් කරනවා. ආයතනවල වැරැද්දක් සිදු වුනාට පස්සේ කුමක් කිව්වත් ඵලදායිදාවයක් නෑ. අහිමි වූ  පාඩුව,අය කරගන්න පුළුවන්කමක් නෑ. හොඳම දෙය යම් ආයතනයක් අඩුපාඩු නොවන්නට වගබලාගන්න කටයුතු කිරීම වැදගත් . ඒ සඳහා දැඩි අධීක්ෂණයක්  සිදු කළ හැකියි. දැඩි  අධීක්ෂණයක්,පසුවිපරමක් තුළින් ආයතනවල අපඩුපාඩු අවම කරගැනීමට හැකි වෙනවා. පාඩුව අවමකරගන්න හැකියාව ලැබෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා. වර්තමාන ගිණුම්කාරක සභාව මේ දර්ශනය තුළ වැඩසටහන්  ගණනාවක් දියත් කර තිබෙනවා. අපිට පැවරි තිබෙන්නේ මූල්‍ය පාලනය සහ අධීක්ෂණයයි. පාර්ලිමේන්තු සභාවට මෙය කරන්න බෑ. ඒ සඳහා 225 නියෝජනය වන පරිදි කාරකසභාවලට නියෝජිතයින් පත් කරගන්නවා.


    රාජ්‍ය ආයතන 837ක් පිළිබඳව වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.මේ වනවිට සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ වී තිබෙනවා.සෑම ආයතනයකටම ප්‍රශ්නාවලි පහක් ඉදිරිපත් කර තොරතුරු ලබාගන්නවා. පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමට,සාර්ථකත්වයට පත් කිරීමට  කාරකසභා බලපානවා. පසුගිය දසක කීපය තුළ මේ කටයුතු නිසි පරිදි ඉටු කර නති බව නිහතමානීව පිළිගත  යුතුයි. වර්තමාන ගිණුම් කාරක සභාව මේ කාර්යභාරය ආරම්භ කළා.ප්‍රථමවරට රාජ්‍ය අයාතන කිසිදු මුදලක් වැය  නොකර තොරතුරු තාක්ෂණය මඟින් සම්බන්ධ කරගන්න කටයුතු කළා.මේ වැඩසටහන තුළින් අඩුපාඩු රැසක් අවම කරගන්න හැකියාව ලැබුණා යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya