නියමිත කාලය තුළ ඉල්ලුම්පත් යොමු කිරීම තුළින් විභාග අපේක්ෂකයින්ගේත්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේත් කටයුතු වඩාත් පහසු වන බව පෙන්වා දෙන පුද්ගයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා දැනුම්වත් කිරීම් සිදු කළ තිබුණ ද මේ වන විටත් ඉල්ලුම්පත් 40%කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැති බව ද පෙන්වා දුන්නේය.
මේ වන විටත් යොමු කර ඇති පාසල් ඉල්ලුම්පත් අතරින් ද සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදී ඇති චක්‍රලේඛ උපදෙස් නිසි පරිදි කියවා, අවබෝධ කොට ගෙන යොමු නොකිරීම හේතුවෙන් අඩුපාඩු සහිතව ඉදිරිපත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කඩිනමින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා මෙතෙක් හැඳුනුම්පත් සඳහා ඉල්ලුම්පත් යොමු කර නොමැති, මෙවර විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ ඉල්ලුම්පත්, ලබාදී ඇති චක්‍රලේඛ උපදෙස් පරිදි නිසි ලෙස සම්පූර්ණ කර කඩිනමින් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සඳහා සියලු පරිවේණාධිපතිවරුන්ගේ,විදුහල්පතිවරුන්ගේ, විභාග අපේක්ෂක පාසල් සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ විශේෂ අවධානය යොමු කරන ලෙස කොමසාරිස්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටි.
නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
PUB /DIVI



















