ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නිවැරැදි මුදල් කළමනාකරණයක් කරමින් ආර්ථිකය දීර්ඝකාලීන වැඩපිළිවෙලකට සකස් කරනවා

    ජූලි 04, 2018

    නිවැරැදි මුදල් කළමනාකරණයක් කරගනිමින් ආර්ථිකය දීර්ඝකාලීන වැඩපිළිවෙලකට සකස් කරගෙන යන  බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්, රේගු ආඥා පනත යටතේ යෝජනාවක්, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයක් පාර්ලිමේන්තුවේ දී
    විවාදයට ගත් අවස්ථාවේ දී ඊට එක්වෙමිනි.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ විනිමයක් පවත්වාගෙන ඇත්තේ වත්මන් රජයයි. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.9කි.ඉතිහාසයේ වැඩිම අපනයන ආදායමක් පසුගිය වසරේ ලබාගෙන තිබෙනවා. මත්ස්‍ය අපනයනය,
    තේ,කුළු බඩු,රබර්, අපනයනය ඉහළ ගොස් තිබෙනවා. ආර්ථිකයේ නිවැරැදි කළමනාකරණය මීට හේතුවයි. ශ්‍රී ලංකාවේ මුදල දේස පමණයි බැලුවේ. පකිස්ථානයේ රුපියල 10.48කින් අවම වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ  3.35යි. ඉන්දියාවේ 08කින් පහල ගිහිල්ලා තිබෙනවා.තායි බාත් මුදල 5.43කින් අවම වෙලා  තිබෙනවා. සිංගප්පූරු ඩොලරයත් අවප්‍රමණය වෙලා. ඇමෙරිකාවේ අලුත් ආර්ථික ක්‍රමවෙදය නිසා ඩොලරය ශක්තිමත් වෙලා තියෙන්නේ. මේ කාලපරාසය තුළ යුරෝ එක 6.87කින් අව ප්‍රමාණය වී තිබෙනවා.

    ලංකාවේ අඩුම අව ප්‍රමාණය තියෙන්නේ, අපේ දේශීය ආර්ථිකය ශක්තිමත් වී තිබෙන නිසයි. මුදල් ඇමැතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්වීමෙන් අපේ ආර්ථිකය දීර්ඝකාලීන වැඩපිළිවෙලකට සකස් කරගෙන යනවා. අපි
    හරියට මුදල් කළමනාකරණයක් කරගෙන යනවා.

    නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතෙන්  මේ අතර ආරංචි වෙනවා, හිටපු ජනාධිපතිතුමාට මැතිවරණයට විදෙස් ආයතන මඟින් ඩොලර් ලබාදුන්නා කියලා. විදේශීය ව්‍යාපාර ලංකාවේ මැතිවරණවලට අපේක්ෂකයන්ට මුදල් දීමයි
    ප්‍රශ්නය. විදේශීය මුදල් ගත්තොත් විදේශ න්‍යාය පත්‍රවලට වැඩ කරන්න සිදු වෙනවා.

    නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට උදව් කළා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු අපේ දේශීය මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබෙනවා. නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ ජාත්‍යන්තර සංස්කාරකත් ඒ බව කියා තිබෙනවා. පසුගිය රජය කාලයේ මාධ්‍යවේදීන් 11ක් ඝාතනය කර තිබෙනවා. සමහර මාධ්‍යවේදීන්ට පහර දුන්නා. අද රජයෙන් එසේ සිදුවන්නේ නෑ .එදා රජය හා අද රජය අතර විශාල වෙනසක් තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya