අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම මහජන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මීට අමතරව මන්නාරම ලංකා බැංකු ශාඛාවේ සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම ද (20) සිදු කෙරිණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රීසාඩ් බදියුදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ද මේ අවස්ථාවන්ට එක් වූහ.
එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මංගල සමරවීර මහතා -
මන්නාරම යනු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා බැඳෙන ඓතිහාසික ප්රදේශයකි. එදා මෙහි පිහිටි මාන්තොට වරාය හරහා ශ්‍රී ලංකාව සහ එවක ලොව දියුණු රාජ්‍යයන් සමග වෙළෙඳ සබඳතා පැවැත්වීය. රෝමය, චීනය සහ ඊජිප්තුව වැනි රටවල් වෙත ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ අපනයනය කෙරුණු අතර මේ ආශ්රිත ප්‍රදේශවලින් සොයා ගෙන ඇති එම රටවල පුරාණ කාසි ඊට සාක්ෂි සපයයි. අපේ පැරැන්නන්ගේ මෙම ව්‍යවාසයක හැකියාවන් සහිත වත්මන් පරපුරක් නිර්මණය කිරීම වෙනුවෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර ඇත. ඒ සඳහා මෙම වසර වෙනුවෙන් පමණක් පොලී සහනාධාර සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5000කි. උපාධිධාරීන්, කාන්තාවන්, අබාධිතයන් වෙනුවෙන් සුවිශේෂී සහන ණය යෝජනා ක්‍රම රැසක් මේ යටතේ ක්‍රියාත්මක යැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩි දුරටත් පැවැසීය.
මෙම ණය ලබා ගැනීම සඳහා අපේක්ෂා කරන ව්‍යවසායකත්වය සඳහා උනන්දුවක් දක්වන පිරිසගේ ගැටලු විසඳීම සඳහා ඇමතුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපනය කරන බව හෙතෙම වැඩි දුරටත් පැවැසීය.
මේ අතර රුපියල් මිලියන 80,000ක වියදමින් දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම ක්‍රියාත්මක ගම්පෙරළිය වැඩසටහනේ මන්නාරම දිස්ත්‍රික් වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000කි. මීට අමතරව මන්නාරම නව ප්‍රධාන බස් නැවතුම් පොළ සඳහා මුල් ගල තැබීම අද සිදු කෙරිණ. මෙම අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද එක් විය. මුල් ගල් තැබීමෙන් පසු පැවැති උත්සවය අමතමින් මංගල සමරවීර අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
මන්නාරම යනු සීග්‍රයෙන් විදේශීය සංචාරකයන්ගේ ආකර්ශයන දිනා ගනිමින් ඇති ප්රදේශයකි. මෙම ප්‍රදේශවලට පැමිණෙන බොහෝ සංචාරකයන් අපේක්ෂා කරනුයේ සාම්ප්‍රදායිකව හෝටල්වල නැවතීමට වඩා නිවෙසක නවාතැන් ගෙන සාමාන්‍ය ජනජීවිතය භුක්ති විඳීමට ය. ඒ වෙනුවෙන් ඔබේ නිවසේ කොටසක් නවීකරණය කිරීමට, වායු සමනය කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා ගත හැකි ය. මීට අමතරව ගම්පෙරළිය වැඩසටහන යටතේ ස්ථිර වහල නොමැති නිවාසවලට තහඩු ලබා දීම, විදුලිය නොමැති නිවාස වෙත විදුලිය ලබා දීම ඇතුළු සියලු පහසුකම් ලබා දීම සඳහා ඔබ දිස්ත්‍රික්කයට ඉදිරි මාස පහ වෙනුවෙන් පමණක්
වෙන් කර ඇති මුදල රුපියල් බිලියනයක් බව ද අමාත්‍යවරයා පැවැසීය.
මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.ආර්.දේශප්‍රිය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු ද එක්ව සිටියහ.