එහිදී ජනාධිපතිතුමා වාරිමාර්ග නිලධාරින්ට උපදෙස් දුන්නේ එම සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසය. එම ස්ථානයට පැමිණ සිටි තම ප්‍රදේශවාසී ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වූ බැදිවැව ප්‍රදේශයේ පදිංචි බිසෝ මැණිකා මහත්මියගේ සුවදුක් විමසීමට ද මෙම සංචාරය අතරතුර දී ජනාධිපතිතුමා එක්විය.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )