ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතික තිරසර කතිකාව එළිදැක්වීම හෙට කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී

    අගෝස්තු 05, 2018

    ශ්‍රී ලංකාව වර්ෂ 2030 වන විට තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අගෝස්තු මස 6 වැනිදා (හෙට) පස්වරු 3.00ට බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    මෙම තිරසාර කතිකාව ජනගත කිරීමේ අවස්ථාව දේශපාලන උත්සවයක් නොවන අතර පක්ෂ විපක්ෂ සියළු දෙනාට ඒ සඳහා ආරාධනා කොට ඇතැයි තිරසර සංවර්ධන කමිටුවේ ලේකම් හා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    ආණඩු මාරු වන විට වෙනස් නොවන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මෙතෙක් කලක් අපේ රටේ දැඩි ඉල්ලුමක් තිබුණා. එහෙත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් සම්මුතිවාදී ආණ්ඩුවක් පැවතීම නිසා මෙසේ වෙනස් නොවන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මනා පසුබිමක් සකස් වී ඇති බවද ජනාධිපති ලේකම්වරයා පැවසී ය.

    ආර්ථික සංවර්ධනය, පරිසර සංවර්ධනය හා සමාජ සංවර්ධනය ඔස්සේ තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපාය මාර්ග රැසක් මෙම කතිකාවට ඇතුලත් කොට තිබේ. ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් වීමේ අභියෝගය හමුවේ නොවෙනස් තිරසර ප්‍රතිපත්ති සම්පාදන කිරීමේදී නාගරීකකරණය , අධ්‍යාපනය ,කෘෂිකර්මය , ප්‍රවාහනය , සෞඛ්‍ය ආදී සියළු අංශ වල පවතින අභියෝග පිළිබඳව මෙම කතිකාව මගින් සාකච්ඡා කොට ඇති බවද පැවසූ, උදය ආර් සෙනෙවිරත්න මහතා මේ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගෙන එය තවදුරටත් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

    මේ සඳහා ඉදිරි මාස 03 ඇතුළත විද්වතුන්,කලාකරුවන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින් හා සෙසු මහජනතාවගෙන්ද අදහස් හා යෝජනා ලබා ගනු ඇත.

    වෙබ් අඩවි ,සමාජ මාධ්‍ය , සෘජු තැපැල් හා දුරකථන මාර්ග ඔස්සේ ජනතාවට මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළ හැකි බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

    ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නිතිඥ ශිරාල් ලක්තිලක මහතා, ලෝකයේ රටවල් අතුරින් ජාතික තිරසර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූ පළමු රට ශ්‍රී ලංකාව බව පැවසීය.

    මෙම ජාතික තිරසර කතිකාව එළිදැක්වීමේ අවස්ථාවට පක්ෂ භේදයෙන් තොරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ආර් සම්බන්ධන් ,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක හා ආර්ථිකය පිළිබඳව නිරතුරුවම අදහස් දක්වන බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ,වෘත්තිකයින් ,වෘත්තීය සමිති නායකයින් හා මාධ්‍යවේදින්ට ද ආරාධනා කොට ඇති බවද නිතිඥ ශිරාල් ලක්තිලක මහතා කීය.

    ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ , ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න, කමිටු සාමාජික මහාචාර්ය හේමන්ති රණසිංහ , තිරසර සංවර්ධන අංශයේ ජාතික සම්බන්ධීකාරක තිසුරි වන්නිආරච්චි හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්ම,මහත්මීහුද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya