අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විසින් නඩුව අද (08) කැදවූ අවස්ථාවේදී මේ පිළිබඳව දැනුම් දී ඇත.
2016 වසරේ දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කර ඒ පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමු කර තිබුණි.