ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාවේ අනුමැතිය

    ඔක්තෝබර් 25, 2018

    ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාවේ අනුමැතිය හිමි වූ බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද ප.ව.1.30ට ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූරයන්ට පත් කිරීම පිලිබඳව දීර්ඝ වශයෙන් සලකා බැලිණි.

    එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාවේ අනුමැතිය හිමි විය. එමෙන්ම, අභියාචනාධිකරණයේ විනිසුරු ධූරයන් සඳහා ගරු ජනාධිපතිතුමා විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරින් එක් අයෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.

    එමෙන්ම, ස්වකීය ධූර කාලය අවසන්ව ඇති ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීම පිළිබඳවද අද දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවධානය යොමු කළ අතර, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස වූයේ පසුගිය සභා වාරයේදී යෝජනා වූ පරිදි දැනට ස්වාධීන කොමිෂන් සභාවන්හි කටයුතු ඉතා කාර්යක්ෂමව සිදුවෙමින් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, එහි වත්මන් සාමාජිකයන්ගේ ධූර කාලය වයස අවුරුදු 80 උපරිම සීමාවට යටත්ව තවදුරටත් දීර්ඝ කිරීම යෝග්‍ය බැවින් ගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹිය යුතු බවයි.

    කථානායක මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya