ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

    අප්‍රේල් 05, 2019

    අයවැය 2019 තෙවැනිවර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත විය.

    අයවැය සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය

    අද (5) දින මුදල් අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට ගැනුණු අතර එය සංශෝධන සහිතව සම්මත විය. තෙවැනිවර කියවීමට ඡන්දය විමසන ලදී. අයවැයට පක්ෂව ඡන්ද119 ලැබුණු අතර විපක්ෂව74 ඡන්ද ලැබුණි.

    මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය මාර්තු පස්වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 73 වන  අයවැය ලේඛණය මෙය වන අතර අයවැය යෝජනා පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය දෙවන වර  කියැවිමේ විවාදය මාර්තු හයවැනිදා ආරම්භ විය. ඒ අනුව 2019 වසර සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර  කියැවීමේ විවාදය පුරා දින හයක් පැවැත්වීමෙන් පසුව මාර්තු 12 වැනිදා‍ පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරිණ.

    අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 119 ක්ද විපක්ෂව ඡන්ද 76 ක්ද ලැබුණු  අතර අයවැය සඳහා වැඩි ඡන්ද 43ක් හිමිවිය.

    අයවැයෙන් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති වැය ශීර්ෂ පිළිබඳ සාකච්ඡා කරන අයවැය පිළිබඳ තෙවන  වර කියැවීම ‍හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මාර්තු (13) සිට අප්‍රේල් පස්වැනිදා දක්වා පුරා දින 19ක්  පැවැති අතර අයවැය තෙවනවර කියැවීමේ විවාදයෙන් පසුව ඡන්ද විමසීම සිදු කෙරිණි.

    අයවැය තෙවනවර කියැවීමේ විවාදය ආරම්භ වූ (13) දිනයේදී ජනාධිපති, අගමැති කාර්යාලය,උපරිමාධිකරණ  විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව,
    ජාතික ‍පොලිස් කොමිෂන් සභාව , පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ ‍දූෂණ චෝදනා  කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්  සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය,  පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන  කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසා‍රිස් කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව , ජාතික ප්‍රසම්පාදන  කොමිෂන් සභාව, සීමා නීර්ණ කොමිෂන් සභාව ඇතුළු විෂයයන් විසිපහක් පිළිබඳ විවාදය පැවැත්විණ.

    ඉන් පසුව අනෙකුත් අමාත්‍යාංශ , ආයතන පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැති අතර අද (05) දවස පුරා  මුදල් අමාත්‍යාංශය පිළිබඳව විවාදය පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya