ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම කඳුකරයට පැ.කි.මී. 60 දක්වා තද සුළං Featured

    ජූලි 31, 2014

    (sinhala.news.lk) අද (31) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     
    අද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම කඳුකරයේ විටින්විට පැ.කි.මී. 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ අනෙක් කොටස්වලද විටින් විට තරමක් තද සුළං ඇතිවිය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල, කොළඹ, රත්නපුරය, නුවරඑළිය සහ මහනුවරට වැසි වැසි ස්වල්පයක් ඇතිවිය හැක.


    අනුරාධපුරය, මඩකළපුව, ත්‍රිකුණාමල, මන්නාරම සහ යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.0°C මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.4°C මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.7°C නුවරඑළියෙන් ද මි.මී. 30.0ක උපරිම වර්ෂාපතනය නුවරඑළිය හෙල්බොඩ උතුරු ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya