ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    දෙමළ මාධ්‍ය උසස් පෙළ සඳහා නව විද්‍යාලයක් රත්නපුරයේ ඇරඹීමට යයි Featured

    සැප්තැම්බර් 19, 2019

    රත්නපුර නව නගරයේ අක්කර 3ක භූමියක උසස් පෙළ දෙමළ මාධ්‍යයෙන් විද්‍යා හා ගණිත විෂය ධාරාවන් හැදෑරිමට හැකි නව විද්‍යාලයක්  ඉදි කිරිමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු  නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසිය.

    මේ සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතාගේ අනුමැතියෙන්  නාගරික සංවර්ධන අධිකාරයට අයත් රත්නපුර ප්‍රදේශයේ අක්කර 3ක භුමියක් ලබා ගැනිමට හැකි වු බව ද ඒ මහතා කීය.

    මෙම භුමියේ පාසල් ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා විශාල මුදලක් වැය කිරිමට සිදු වේ.මෙයට මධ්‍ය ම රජයේ මුදල් වලට අමතරව  ඊට‍ෙපාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන් සහ පළනිදිගම්බරම් යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ මඟින් ද ප්‍රතිපාදන ලබා දිමට  එම ඇමතිවරුන්  කැමැත්ත පළකර තිබේ.

    රත්නපුරය, ගාල්ල,මාතර,මාතලේ,කළුතර,බදුල්ල,මොනරාගල යන දිස්ත්‍රික්කවල ජිවත්වන දෙමළ දරුවන් උසස් පෙළ දෙමළ මාධ්‍යයෙන් විද්‍යා හා ගණිතය හැදෑරිමට නුවරඑළිය,හැටන්,වව්නියා හා කොළඔ හෝ යාපනය යන  ප්‍රදේශවලට යා යුතු  බවත් මේ නිසා අවම වශයෙන් එක් දිස්ත්‍රික්කයකට දෙමළ මාධ්‍ය අංග සම්පුර්ණ එක් පාසලක් හෝ අවශ්‍ය  බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

    මෙම විදුහලේ ඉදිකිරිම් කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහයෝගය අපේක්ෂා කරන බව ද ඒ මහතා තවදුරටත් කීය.

    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරින් හා මහජන නියෝජිතයින් පිරිසක් ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya