ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල, කොළඹ, රත්නපුරය, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි Featured

    අගෝස්තු 05, 2014

    (sinhala.news.lk) අද (05) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන අතර වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ  ඇත.


    දිවයිනේ මධ්‍යම කඳුකරයේ විටින්විට පැ.කි.මී. 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ අනෙක් කොටස්වලද විටින් විට තරමක් තද සුළං ඇති විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල, කොළඹ, රත්නපුරය, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි ඇති වේ.


    අනුරාධපුරය, මඩකළපුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.0°C ත්‍රිකුණාමලය සහ මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.6°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.3°C නුවරඑළියෙන් ද මි.මී. 129.0ක උපරිම වර්ෂාපතනය නෝර්ටන් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya