ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සබඳතා වර්ධනයට ඉන්දියාව සූදානම් ...

    ජනවාරි 19, 2020

    ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

    ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.


    ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සාමුද්‍රීය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම දොවාල් මහතා පෙන්වා දුන්නේය. සෙසු කලාපීය රාජ්‍යයන් ද නිරීක්ෂකයන් ලෙස මේ ක්‍රියාදාමයට හවුල් කරගත යුතු බව ඔහු පැවසීය.


    රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව ප්‍රතිඥා දුන්නේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරිමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සපයන බව ද ඔහු කීය. පෘථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම ගැන ද සාකච්ඡා කෙරිණ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya