ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රොටානා ජෙට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් අරඹයි

    අප්‍රේල් 03, 2014

    මෑතකදී රොටානා ජෙට් ගුවන් සමාගම සමඟ පැවති සාකච්ඡාවකට අනුව අරාබි එක්සත් එමීර් රාජ්‍යයේ අල් බටින් ගුවන් තොටුපොළේ සිට නව ගුවන් යානයක් මේ මස (09) වනදා  ගුවන් ගමන් අරඹයි.

     

    ඒ අනුව එදින රාත්‍රී 11.45ට අල් බටින් ගුවන් තොටුපොළෙන් එම ගුවන් යානය පිටත් වී කටුනායක බණාඩාරනායක ගුවන් තොටුපොළ වෙත පෙ.ව. 5.45ට පැමිණීමට නියමිත වේ. මේ මස (10) වන දින මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ හරහා නැවත එම ගුවන් යානය අබුඩාබි වෙත ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.


    A319 වර්ගයට අයත් මෙම ගුවන් යානයේ මගීන් 120 දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව ඇත. මෙම ගුවන් ගමන් ආරම්භ කරන රොටා ජෙට් සමාගම සතියට දින (03)ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සිදු කෙරේ. මෙහි ආසන 12ක් ව්‍යාපාරික පංතියට අයත් වේ.මෙහිදී 2014-04-09 ප.ව. 11.45  අබුඩාබි අල්බටීන් ගුවන් තොටුපොළෙන් A319 ගුවන් යානය ගුවන් ගමන් අරඹයි.


    2014-04-10 අලුයම 5.30ට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත ළගාවීම.
    2014-04-10 පෙ.ව.6.30ට බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සිට මත්තල දක්වා ගුවන් ගමන් ඇරඹීම.
    2014-04-10 පෙ.ව. 7.15ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ වෙත ළගාවීම.
    2014-04-10 පෙ.ව. 8.15ට මත්තල සිට අබුඩාබි බලා ගමන් ඇරඹීම.සිකුරාදා දිනත් පෙර සඳහන් කාලසටහනට අනුව ගුවන් ගුමන් සිදුකරන බවද අමාත්‍යවරයා පවසයි.සෙනසුරාදා සහ බදාදා දින පෙ.ව 10.45ට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත ළගාවීම සිදුකෙරේ.


                                            පෙ.ව 11.45ට බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් පිටත් වේ.
                                            ප.ව   12.36ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ වෙත ළගා වේ.
                                            ප.ව   01.30ට මත්තල සිට අබුඩාබි බලා මෙම ගුවන් ගමන් සිදු කෙරේ.


    ඒ අනුව රොටානා ජෙට් සමාගම විසින් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව ගුවන් සේවා ඇරඹීම සිදුකරන බව සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya