ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    දශක ගණනක් පැරණි ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔතානි චෝජුං හිමියන් ලබාදෙන ලද දායකත්වය ඉමහත් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    පෙබරවාරි 20, 2020

    දශක ගණනක් පැරණි ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔතානි චෝජුං හිමි ප්‍රමුඛ හොංගන්ජි පදනම විසින් ලබාදෙන ලද දායකත්වය ඉමහත් බව අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ (18) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ජපානයේ හොන්ගන්ජි පදනම සහ කියෝතෝ හි හොංගන්ජි විහාරස්ථානයේ අතිපූජ්‍ය ඔතානි චෝජුං ස්වාමීන්වහන්සේ වෙත ගෞරව සාසන රත්න සම්මානය සහ සන්නස් පත්‍රය පිරිනැමීමේ උළෙලට සහභාගී වෙමිනි.


    දීර්ඝකාලීන ඉතිහාසයක් හිමිජපානයේ හොංගන්ජි සංස්කෘතික ප්‍රවර්ධන පදනම ලොවපුරා බෞද්ධ ප්‍රජාවේ සමාජ අර්ථික හා සංස්කෘකිත සබඳතා වැඩිදියුණු කිරීම සඳහා මහත් දායකත්වයක් ලබා දී තිබේ. අතීතයේ සිටම ජපානය සහ ශ්‍රී ලංකාව එකිනෙකා වෙනුවෙන් දුෂ්කර අවස්ථාවන්හිදී පෙනී සිටි බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා  හොංගන්ජි පදනම විසින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරය සඳහා ජපාන කුටියක් පරිත්‍යාග කිරීම පිළිබඳවද සිය ස්තූතිය පල කළේය.
    ජපානයේ හිටපු අධිරාජ්‍යයාගේ සහෝදරයා වන ඔතානි චෝජුං හිමියන් ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් සහ ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නගෝයා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අතරවිශේෂයෙන් මහායාන ධර්මය සහ ථෙරවාදී බුදුදහම අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කිරීමට කටයුතු කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක ගරු ආනන්ද කුමාරසිරි, සභානායක අමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන, ආණුඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,
    රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, සෙල්වම් අඩෛක්කලනාදන්, පාලිත රංගේ බණ්ඩාර, ඒ.එච්.එම්.ෆවුසි, මයන්ත දිසානායක, හර්ශණ රාජකරුණා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුමේධා ජී ජයසේන යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා ඇතුළු ජපාන දූත පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම ආරාධිතයන් රැසක්ද සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya