ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සහාය වන්නැයි රජයෙන් ඉල්ලීමක් .. Featured

    මාර්තු 11, 2020

    කොරෝනා වෛරසය හෙවත් COVID - 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ වන විට ලෝකය පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතී. එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ.

    කොරෝනා වෛරසය මෙරටදී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හදුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 52 හැවිරිදි මොහු සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කල අයෙකි. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවාව සපයා තිබේ. රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර තිබේ.

    රට තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ සඳහා ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කෙරිණ. එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහාය ගෙනයන වැඩපිළිවෙළට ලබාදෙන්නැයි රජය ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya