ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 848 දක්වා ඉහළට Featured

    අප්‍රේල් 23, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 848 ඉක්මවයි.

     

    පේරාදෙණිය, ගැටඹේ‍ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්හ.

    ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය රුපියල් මිලියන 10ක්, ජේ.එච්.එම්.ටී. අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය රුපියල් මිලියනය බැගින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 5.4ක්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම රුපියල් මිලියන 6.2ක් සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රුපියල් ලක්ෂ 05 ක් අරමුදලට පරිත්‍යාග කළහ.


    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya