මොවුන් අතරින් ඉන්දියාවේ නවදිල්ලිය, අම්රිත්සාර්, කොයිම්බතූර්, මුම්බායි, හා බැංගලෝර් යන ගුවන් තොටුපොල සිට විශේෂ ගුවන් යානා 5ක් මගින් ශ්‍රී ලාංකික සිසුන් 684 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සන්නිවේදන හා මාධ්‍ය කළමනාකරු දීපාල් වී. පෙරේරා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මේ හැර පාකිස්ථානයේ කරච්චි හා ලාහෝර් සිට සිසුන් 113ක්ද, නේපාලයේ කත්මණ්ඩු සිට සිසුන් 76 ක්ද, බංගල දේශයේ ඩකා සිට සිසුන් 73 ක්ද විශේෂ ගුවන් යානා 3,ක් මගින් මෙරටට ගෙන්වා තිබේ. අද (29)නවදිල්ලියේ සිට සිසුන් 143 ක් විශේෂ ගුවන් යානයකින් රැගෙන ඒමත් සමග දකුණු ආසියානු කලාපයේ කොටුවී සිටි සිසුන් ගෙන,ඒමේ වැඩපිළිවෙලේ පළමු අදියර අවසන්වූ බවද පෙරේරා මහතා කීය.



















