ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඌව පළාත උ/පෙළ ප්‍රතිඵල අතින් දෙවැනි ස්ථානයේ Featured

    අගෝස්තු 13, 2014
    ඌව පළාතේ වැටී තිබූ අධ්‍යාපනය යළි නඟාසිටුවීම සඳහා විශාල වැඩ කොටසක් රජය විසින් සිදු කොට ඇති බවත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵලවලින් ලංකාවෙන් දෙවැනි ස්ථානයට ඌව පළාත පත් ව තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    උසස් පෙළ විභාගයේ දී විෂයන් තුනම අසමත්වන ප්‍රතිශතය හරහා අඩුම දෙවැනි ස්ථානයේ පසුවන්නේ ද ඌව පළාතය.
     
    වත්මන් රජය ඌවේ දැවැන්ත සංවර්ධනයක් සිදු කොට තිබෙනවා. විපක්ෂය අහනවා සංවර්ධනය කන්නද කියලා. යුද්දේ පැවැති කාලයේ යුද්ධය විවේචනය කළා. විපක්ෂ නායක රනිල් මහත්තයට සංවර්ධනය අවශ්‍ය නොවුණාට ගමේ ඉන්න අපට සංවර්ධනය අවශ්‍යයි.
     
    අතීතයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන්ට සහතික මිලක් තිබුණේ නෑ. අද මාර්ග සංවර්ධනය වෙලා. තේ දළු මිලදීගැනීම සඳහා වාහන එනවා වතු අසලටම. ඒ වගේ ම තේ දළු සඳහා සහතික මිලක් ලැබිලා තිබෙනවා. 
     
    ලබන මාසයේ පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා මැතිවරණය මෙන් ම ලබන වසරේ පවතින කුමන මැතිවරණය වුවත් ඒ හරහා 2/3කට එහා ගිය ජයග්‍රහණයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම සහ මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත්වරු ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya