ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    අප්‍රේල් 06, 2014

    අද (06) ත්‍රිකුණාමලය සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සන්ධ්‍යා කාලයේ සහ රාත්‍රී කාලයේ දිවයිනට බස්නාහිර සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද (06) මධ්‍යහන 1200ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ගිනිකොන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.


    දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50ක් දක්වා ඉහළ යා  හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.


    සාමාන්‍යයෙන් දිවයින අවට අනෙක් මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya