ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මේ රටේ පාලකයාට අපි පරම්පරා සියල්ලම ණය ගැතියි

    අගෝස්තු 19, 2014
    මේ රටේ පාලකයාට අපි පරම්පරා සියල්ල ම ණය ගැති බවත්, වයස්ගත පරපුර, මැදිවියේ පරපුර, තරුණ පරපුර, ළමා පරපුර, කිරි සප්පයෝ මේ සියලු පරම්පරා ඉවර වෙනකල් ජනාධිපතිතුමන් සිදු කළ ඓතිහාසික කාර්යභාරය අමතක කරනවා නම් අපි ගුණමකු මිනිස්සු වන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බුත්තල මැතිවරණ කොට්ඨාසයේ මැතිවරණ ප්‍රචාරක ඡන්ද රැස්වීමකට සහභාගී වෙමිනි.
     
    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “ඌව පළාත කියන්නේ ත්‍රස්තවාදයේ බිහිසුණු ක්‍රියාකාරකම්වලට ලක්වුණු ප්‍රදේශයක්. ඒ වගේම ඌව වෙල්ලස්ස සටනට නායකත්වය දුන්න වැඩිහිටි පරපුරේ අයගේ දරුවෝ සෑහෙන ප්‍රමාණයක් ජීවත් වුණ ප්‍රදේශයක්. තමන්ගෙ වීරෝධාර උරුමය කියා පාමින් රට වෙනුවෙන් තමන්ගේ දූ දරුවන් පරිත්‍යාග කරපු අභිමානවත් මිනිස්සු ජීවත් වන මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශවල මිනිස්සු ආයෙත් සතුරන්ට රට පාවා දෙන පාලකයන් රජ කරවන්න ඡන්දය පාවිච්චි කරන්න සූදානම් නැහැ. අද මේ රටේ නායකයාව බිලිගන්න, රණවිරුවන්ව බිලිගන්න සැලසුම් හදන විදේශ ජාවාරම්කරුවන්ගේ න්‍යායාය පත්‍රය ශක්තිමත් කරන්න විපක්ෂය කටයුතු කරමින් ඉන්නේ. පාර්ලිමේන්තුවේ මේ ගැන විවාද කරපු වෙලාවේ සද්ද නැතුව මාරුවෙලා ගියා මේ දේශ ප්‍රේමී නායකයන්, රට වෙනුවෙන් කොන්දේසි විරහිතව තම විරුද්ධත්වය පෙන්වන්න තිබුණ අවස්ථාවේ උමං මීයෝ වගේ හැංගිලා මොකක්ද ප්‍රකාශ කළේ. මේ අය විරුද්ධත් නෑ. පක්ෂපාතිත් නෑ කියල. ජාතික ප්‍රශ්නවලදී කටයුතු කරන්නෙ එහෙමද? රටේ වගකීම භාර ගන්න ඉන්න අය.”  තව දුරටත් අදහස් දැකුවූ අමාත්‍යවරයා පැවසුවේ,“බලයට එන්න කෙටි මාර්ග හොයන විපක්ෂයේ බංකොලොත් දේශපාලකයන්ට අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව ඉදිරිපත් කරන්න නායකයෙක් හොයා ගන්න බැරිව ගිහිල්ලා තියෙනවා. එහෙම වෙන්නෙ රටේ සොබාදහම පවා අශිර්වාද කරන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිසයි කියලයි. අපිට හිතෙන්නෙ. මේ මැතිවරණය ගැන විපක්ෂය හිතන්නෙ ආණ්ඩු පෙරළෙන වෙඩි මුරය පත්තු කරනව කියල. මේ මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන බව ජනතාව දන්නවා. ජනතාව ගොනාට අන්දවන්න දැන් විපක්ෂය උනන්දු වෙන්නෙ. ඒත් විපක්ෂයේ ඉන්න බල තණ්හාවෙන් පිරුණ දේශපාලකයන්ට වඩා ජනතාව බුද්ධිමත්.

    අද මව්බිම වේගයෙන් අවදිවෙමින් තියෙනවා. මාර්ග ඉදිවෙනවා, අධ්‍යාපනය සංවර්ධනය වෙනවා, විදුලිය දුෂ්කර ගම්මාන කරා පැමිණෙනවා, තොරතුරු තාක්ෂණය දියුණු වෙනවා. මේවා ජනතාවට දැනෙන දේවල්. විපක්ෂය හොරාට නිදාගෙන ඉන්න නිසා මේවා පේන්නෙ නැහැ. ගම්වල ගැටලු තියෙන කොට විපක්ෂයට බොහොම සතුටුයි. ගම්වල ගැටලු අද ඊයේ ඇති වුණු ඒවා නොවෙයි. නිදහසින් පසු දශක හතකට ආසන්න කාලයක් පුරා තිබුණ හැම ආණ්ඩුවක්ම ඒවට වග කියන්න ඕනි.
     
    මේ ප්‍රදේශවල දේශප්‍රේමී ජනතාවගෙන් අපි අපේක්ෂා කරන්නෙ සියලු භේද පසෙක දාලා ඊළඟ පරපුර වෙනුවෙන් මේ උපන්බිම ආරක්ෂා කරන ලෙසටයි. විපක්ෂය එදා ගිවිසුම් ගහලා රට පාවලා දුන්නා වගේ මේ රට පාවා දෙන්න මේ  ප්‍රදේශවල ඉන්න දෙමව්පියන් සූදානම් නැති බව මා විශ්වාස කරනවා” යැයි අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya