ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි පළාත් කිහිපයකටම Featured

    අගෝස්තු 20, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (20) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින්තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට විටින් විට වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    අනුරාධපුරය, යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.0°C මඩකළපුව, යාපනය හා ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පසුගිය පැය 24 සඳහා උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.9°C පොලොන්නරුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.5°C නුවරඑළියෙන් ද උපරිම වර්ෂාපතනය මි.මී. 83.2 රත්නපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ. අද අලුයම 2.30 වනවිට මි.මී. 34.7ක වර්ෂාපතනයක් කොළඹින් වාර්තා වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya