ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලකට ‍සතොස හරහා භාණ්ඩ 450ක්

    අප්‍රේල් 07, 2014

    සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ දී පාරිභෝගිකයාට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ හාරසියපනහක් පෞද්ගලික වෙළෙඳපොළට වඩා මිල අඩුවෙන් ලබාදීමට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය හරහා සතොස, ලක් සතොස, කෝප් සිටි, මිනි කෝප් සිටි සහ මෙගා කෝප් සිටිවලින් පහසුකම් සපයා තිබේ.

     

    සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ලක් සතොස වෙළෙඳසල් පමණක් තුන්සියයකට වැඩි ප්‍රමාණයක් දිවා රාත්‍රී භාණ්ඩ අලෙවිය සඳහා විවෘත කර තැබේ. ඊට අමතරව කෝප් සිටි, මිනි කෝප් සිටි, මෙගා කෝප් සිටි ඇතුළු රජයේ වෙළඳසල් හයසියයකින් පමණ අඩුමිලට භාණ්ඩ ලබාගැනීමට කටයුතු යොදා තිබේ.මෙම වෙළඳසල්වලින් අල, පරිප්පු, හාල්, පිටි, සීනි, පාන්පිටි, හාල්මැස්සන්, වියළි මිරිස්, ටින්මාළු, මුං ඇට සහ කඩල ඇතුළු සියලු ම ආහාර ද්‍රව්‍ය කිසිදු හිඟයකින් තොරව ලබාගැනීමේ පහසුකම් සලසා ඇත.


    ඊට අමතරව, මාළු, දේශීය කිරි, බිත්තර, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද පෞද්ගලික වෙළඳපොළට වඩා අඩු මිලකට ලබා දීමට කටයුතු යොදා තිබේ.මීට අමතරව රජයේ ආර්ථික මධ්‍යස්ථානවලින් සියලු ම එළවළු වර්ග ද හිඟයකින් තොරව අඩු මිලට ලබා ගත හැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. දුර බැහැර ප්‍රදේශවල සිට එළවළු ද්‍රව්‍ය කොළඹට ගෙන ඒම සඳහා තොග වෙළඳුන්ට අවශ්‍ය උපදෙස් දී ඇති අතර, සතොස ප්‍රවාහන අංශයේ සහය ද ඊට සපයා ඇත.


    පසුගිය වසර පහක් පුරා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අලුත් අවුරුදු සමයේ දී වෙළඳපොළේ භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යාමටත් හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට වෙ‍ළඳ අමාත්‍යාංශයට සතොස හරහා හැකි වූ අතර, මෙවරද ඒ ආකාරයෙන් ම පාරිභෝගිකයාට පහසුකම් සපයන ලෙසට ජනාධිපතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් පනාන්දු මහතාට උපදෙස් ලබා දී ඇත.ඊට අමතරව පාරිභෝගිකයාට කල් ඉකුත් වූ, නරක් වූ වස විෂ ඇති ආහාර ද්‍රව්‍ය අලෙවි කරන කූට වෙළෙඳුන් නීතියේ රැහැනට හසු කරගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදින් ම ක්‍රියාත්මක කරන ලෙසටත් අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මේ වන විටත් පාරිභෝගික අධිකාරියේ වැටලීම් කණ්ඩායම් 150කට වැඩි ප්‍රමාණයක් රට පුරා මෙහෙයුම් සිදු කරති.එමෙන් ම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු සෙසු ද්‍රව්‍ය සඟවා තබා වෙළඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති කර මිල වැඩි කිරීමට කටයුතු කරන කූට ව්‍යාපාරිකයන්ට එරෙහිව ද නීතිය තදින් ම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya