ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රජාව සහ ජල සේවා පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අගෝස්තුවේ දී

    අගෝස්තු 22, 2014

    ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රී ලංකාවේ ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය, ජාතික ප්‍රජා ජල භාරය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය සමඟ එක්ව සංවිධානය කරනු ලබන "ප්‍රජාව සහ ජල සේවා" පිළිබඳ 3වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද (22) සිට 24 දක්වා මහනුවර දී පැවැත්වේ.


    දින තුනක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය "ප්‍රජා සංවර්ධනය සහ සෞභාග්‍ය උදෙසා ජලය" යන තේමාවෙන් පැවැත්වේ.

    මෙම වසරේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයේ තේමාව වන ජලය සහ බල ශක්තිය සනිටුහන් කිරීම සඳහා සහ පශ්චාත් - 2015 ස්ථිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා වන කතිකාවතට සහය සැලසීම හා 2013 වසරේ අගෝස්තු මාසයේ අනුරාධපුර නගරයේ දී පැවති ප්‍රජා සංවර්ධනය 
    සඳහා ජල සහයෝගීතාව පිළිබඳ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ කටයුතු ඉදිරියට ගෙන යාම පිණිස මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya