ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බිම්බෝම්බ ඉවත් කිරීම 98% වඩා අවසන් Featured

    අගෝස්තු 27, 2014
    මානුෂිය මෙහෙයුම්වලින් අනතුරුව එල්ටීටීඊ පාලනයෙන් මුදාගන්නා ලද ප්‍රදේශ ත්‍රස්තවාදීන් විසින් වලලන ලද බිම්බෝම්බ සහ මර උගුල්වලින් ගහණව පැවතුණ අතර එය උතුරු සහ නැගෙනහිර දෙපළාතේම වර්ග කිලෝමීටර් 5000ක් බව ඇස්තමේන්තු ගත කර තිබුණි. (දල වශයෙන් අක්කර 1200000 ක් පමණ ) මේ අතුරින් වැඩි බිම් ප්‍රදේශයක් පැවතියේ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවලට අයත්වය. ඒ අතුරින් වර්ග කිලෝමීටර් 80ක් හැර ඉතිරි සියල්ල සිවිල් ජනතාවගේ පරිහරණයට සහ කෘෂිකර්ම කටයුතු වෙනුවෙන් මේ වනවිට නිදහස් කර ඇත. මෙම මහා මෙහෙවර සමස්තයක් වශයෙන් ගත් කළ එය මුළු භුමි ප්‍රමාණයෙන් 98% ආසන්න ප්‍රදේශයකි.
     
    මෙය සුවිශාල ජයග්‍රහණයක් බවත් එම ප්‍රදේශද කඩිනමින් බිම්බෝම්බ නිසැක කොට සිවිල්වැසියන්ගේ කටයුතු සඳහා මුදාහැරීමට කටයුතු කරන බව අද (27) සතියේ ආරක්‍ෂක මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පැවසිය.
     
    ඇතැම් පිරිස් විසින් මෙම කටයුත්ත වෙනුවෙන් ඉතා විශාල කාලයක් ගතවන බව ප්‍රචාරය කළත් යුධ හමුදාවේ ඉංජිනේරු සෙබළුන් සහ බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා කෙටි කලකින් ඒ කටයුත්ත අවසන් කිරීමට සමත් විය. ඒ අතුරින් 60% ප්‍රමාණයකට යුධ හමුදාව මගින් දායකත්වය දක්වා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya