ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ඇමති රෝමයේදී කලාපීය ශ්‍රී ලංකා දූත මණ්ඩල නියෝජිතයින් හමු වේ

    අගෝස්තු 28, 2014

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී යුරෝපයේ රටවල සිටින ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් හමු වී ඔවුන්ගේ කාර්ය නිරීක්ෂණ කරන ලදී.


    ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත, ජර්මනියේ තානාපති කරුණාතිලක අමුණුගම, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ, ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ෆ්‍රෑන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කවුන්සලර් ප්‍රදීප් ජයවර්ධන මහතා ද එයට එක් විය.
     


    වෙළඳ, ආයෝජන හා සංචාරක යන අංශයන්ගෙන් මෙම රටවල් හා සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ආර්ථික සබඳතා කේන්ද්‍ර කරගනිමින් මෙම සාකච්ඡාව මෙහෙයවන ලදී. පසුගිය වර්ෂයේදී මෙම තානාපතිවරුන් විසින් කරන ලද කර්තව්‍යන්ගේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී එක් එක් තානාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අතර මෙම වසරේ එළඹෙන මාස කිහිපය තුළදී කළ යුතු කාර්යයන් හා අත්කරගත යුතු අරමුණු පිළිබඳව අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදී.

     


    රටට එරෙහිව නැගෙන මානව හිමිකම් චෝදනා හා දේශපාලන අතකොළු මෙවලම් ලෙස භාවිත කරමින් ගෙන යන විරෝධතා ව්‍යාපාර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී. සිය සේවය සලසන එක් එක් රටවල් ඒ පිළිබඳ දක්වන ආකල්ප පිළිබඳ හා සම්බන්ධීකරණ උපායමාර්ග පිළිබඳ තමන් ඉදිරිපත් කරන යෝජනා රාජ්‍ය නියෝජිතයින් විසින් පෙන්වා දෙනු ලැබූහ. මෙම රටවල්වල වෙසෙන ජනතාව ශ්‍රී ලංකා ප්‍රජාව හා සම්බන්ධ වී කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.


    ඉතාලියේ සේවයේ නියුතු ශ්‍රී ලංකා නියෝජිතයින් හා ශ්‍රමිකයන් සමඟ ද අමාත්‍ය පීරිස් මහතා සුහද කතාබහක නිරත විය.

     

    ගල්ෆ් කලාපයේ රටවල සේවයේ නියුතු තානාපතිවරුන් සමඟ මීට පෙර අවස්ථාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා කාර්ය සාධන ප්‍රගති සමාලෝචනයක නිරත විය. එම අවස්ථාවේදී අබුඩාබි හි පැවති සාකච්ඡාවට රටවල් හතක තානාපතිවරු සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya