ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැ.කි.මී. 80 දක්වා ඉහළට

    අගෝස්තු 30, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (30) දිවයිනට උතුරු සහ ඊසාන දෙසින් වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනට උතුරු, නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ. සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. 


    මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya