ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තෙවැනි පාසල් වාරය අද සිට Featured

    සැප්තැම්බර් 01, 2014

    අ.පො.ස. උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා භාවිත කරන පාසල් හැර රජයේ සියලු පාසල්වල තෙවැනි වාරය අද (01) ආරම්භ වෙයි.


    පහත දැක්වෙන පාසල් අ.පො.ස. උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා යොදා ගන්නා අතර ඒවා විවෘත කරන්නේ සැප්තැම්බර් 15 වැනිදාය.


    කොළඹ රාජකීය, විශාඛා, කළුතර තිස්‌ස, රත්නපුර ෆර්ගසන්, කුරුණෑගල මලියදේව බාලිකා, කුලියාපිටිය ශාන්ත ජෝශප්, කෑගල්ල බාලිකා, මහනුවර කිංස්‌වුඩ්, ගාල්ල විද්‍යාලෝක සහ බදුල්ල විහාරමහාදේවී බාලිකා විදුහල එම පාසල් වේ.


    පහත දැක්වෙන පාසල්වල කොටසක්‌ උත්තර පත්‍ර ඇගයීම් සඳහා යොදා ගනු ලබන අතර එම කොටස්‌ද තෙවැනි වාරය සඳහා විවෘත වන්නේ  ලබන 15 වැනිදාය.


    කොළඹ හින්දු, මීගමුව ශාන්ත පීතර, ගම්පහ බණ්‌ඩාරනායක, මහනුවර පුෂ්පදාන බාලිකා, අනුරාධපුර මැදි මහ විදුහල, මාතර සුජාතා, බණ්‌ඩාරවෙල ශාන්ත ජෝශප්, කල්මුණේ මහමුද් බාලිකා, මඩකලපුව වින්සන්ට්‌ උසස්‌ බාලිකා, වවුනියාව දෙමළ මහ විදුහල හා යාපනය හින්දු විද්‍යාලය එම පාසල් වේ.


    තෙවැනි පාසල් වාරය ලබන දෙසැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya