නැගෙනහිර පළාතේ සිටින ආරක්ෂක හමුදාවේ 23 වන සේනාංකය විසින් වියළි සලාක පාර්සල් 100ක් සහ ජලය රැස්කර තබා ගැනීම සඳහා ලීටර් 25 කෑන් 54ක් පූනානි හා මයිලන්තැන්න ගම්මානවල වෙසෙන පවුල් 100ක් අතර බෙදාදෙනු ලැබීය. පසුගියදා කරන ලද මෙම සත්කාරය සඳහා තුල්හිරියේ බාම් නිටෙන් පුද්ගලික සමාගම (Bam Niten Pvt Ltd) විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.
22 වන සේනාංකයේ 22 වන බල සේනාව විසින් ත්‍රිකුණාමලයේ ඊච්චලම්පත්තු ශ්‍රී සම්පහ විද්‍යාලයේදී ද පසුගියදා වියළි සලාක හා නැවුම් ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් 170ක් වෙරුගල් ප්‍රදේශයේ ජීවත්වන දිළිඳු පවුල් 170ක් අතර බෙදා දී ඇත. මෙම සද්ක්‍රියාව සඳහා ගනේපොළ පන්විලතැන්න ශ්‍රී රණසිංහාරාම විහාරස්ථානයේ පූජ්‍ය මයිලපිටියේ සමිද්ධිවංශ ස්වාමීන් වහන්සේ අනුග්‍රාහකත්වය ලබා දී ඇත.
එසේම පසුගියදා මින්නේරියේ 22 වන සේනාංකය යටතේ සිටින 8 වන කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ද පානීය ජල බෝතල් 250ක් සහ රුපියල් 1500ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 250ක් හිඟුරක්ගොඩ සිංහලගම ප්‍රදේශයේ නියඟයෙන් පීඩා විඳින ජනතාව වෙත බෙදා දෙන ලදී. ලුණුගම්වෙහෙර විමලානන්ද ස්වාමීන් වහන්සේ මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දී ඇත.
නැගෙනහිර පළාතේ 23 වන සේනාංකය යටතේ පෙරියවඩ්ඩුවාන්හි සිටින 8 වන ජාතික ආරක්ෂක බලමුළුව මඟින් ද පෙරිල්ලාවෙලි ගම්මානයේ නියඟයෙන් පීඩාවිඳින පවුල් 30ක් වෙත පානීය ජලය සැපයීම සිදු කෙරිණි.
මේ අතර 22 වන බල සේනාව යටතේ ඉච්චලම්පත්තුහි සිටින 27 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ඉලංගතුරෙයි කරකමුනෙයි ගම්මානවල ජීවත්වන වැසියන් සඳහා පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇත.
NDH/mod