ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට එරෙහි ව දැඩි නීති

    සැප්තැම්බර් 03, 2014

    මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය, අලෙවිය, ආනයනය සහ බෙදාහරින්නන්ට එරෙහිව නීතිය දැඩි ව ක්‍රියාත්මක කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 

    පසුගිය කාලපරිච්ඡේදය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කළ වැටලීම්වලට අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කරනු ලබන බවට අධිකාරියට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි විය.
     

    සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රූම් මර්සුක් මහතා මේ මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි අංක 1875/38 දරන අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය 15 දින නිකුත් කර ඇත. ඒ අනුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 10(1) (අ) ප්‍රකාරව කටයුතු කරමින් සියලු ම ගොඩනැගිලි කර්මාන්ත සඳහා යොදා ගන්නා තීන්ත, වාර්නිෂ් හා ද්‍රාවක නිෂ්පාදකයින් හා වෙළෙඳුන් වෙත එකී තීන්ත, වාර්නිෂ් හා ද්‍රාවක බෝතල් ඇසුරුම් හෝ බහාලුම්වල අනිවාර්යෙන් ම කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය, භාවිතයට ඉතා සුදුසු අවසන් දිනය, පරිමාව, උපරිම සිල්ලර මිල හා ගොඩනැගිනි කර්මාන්තය සඳහා යොදා ගන්නා සියලු ම තීන්ත නිෂ්පාදකයින් හා වෙළෙඳුන් විසින් තීන්ත ඇසුරුමේ හෝ බහාලුමේ තීන්තවල අඩංගු සම්පූර්ණ ඊයම් ප්‍රමාණය මිලි ග්‍රෑම්/ කිලෝ ග්‍රෑම්වලින් පැහැලිව මුද්‍රණය කළ යුතු වේ.

     

    එමෙන් ම 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (ආ) (11)  වන වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියලු ම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හෝ වෙළෙඳුන් විසින් කල් ඉකුත්වූ හෝ විකිණීමට නුසුදුසු / අයෝග්‍ය ලෙස හඳුනාගත් සහ ඒ අනුව විනාශ කිරීමේ කාර්ය සඳහා/ප්‍රති අපනයනය සඳහා හෝ තබාගනු ලබන, ගබඩා කරනු ලබන, එක්රැස් කරනු ලබන සියලු ම භාණ්ඩවල එම භාණ්ඩ වර්ගය, සන්නම් නාමය, බර/පරිමාව සහ ඒකක ගණන සඳහන් ලේඛනයක් පවත්වාගෙන යන්නේ නම් මිස එවන් භාණ්ඩ යම් ගුදමක, ගබඩාවක හෝ වෙනත් යම් ස්ථානයක තබාගැනීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු බවට එම ගැසට් නිවේදනය මගින් දක්වා ඇත.
     

    එමෙන් ම 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 10(1) (ආ) (11) වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියලු ම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හා වෙළෙඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුළදී විකිණීමට නුසුදුසු/ අයෝග්‍ය බවට හෝ කල් ඉකුත් වූ බවට / මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ කිසිදු ආකාරයකින් හෝ විකිණීමට ඉදිරිපත් කරනු ලබන හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව හෝ එකට යාව හෝ තැබීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya