ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු විය හැක

    සැප්තැම්බර් 06, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (06) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ උතුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  සුළං වේගය විටින් විට පැ.කි.මී. 70 පමණ දක්වා ඉහළ යා හැක.


    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු විය හැකි අතර පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya