මැයි 07, 2025
tami eng youtube  twitter facebook

    මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි Featured

    සැප්තැම්බර් 20, 2014

    මොනරාගල දිස්ත්‍රික්කයේ පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ශාලා 7කදී තැපැල් ඡන්ද ගණන් කිරීම ප.ව.04.00ට ආරම්භ වූ බව මොනරාගල දිස්ත්‍රික් සහකාර තේරීම් භාර නිලධාරීවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළේය.

    මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතින බවත් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මධ්‍යස්ථාන 2කදී ශාලා 32කදී ඡන්දය ගණන් කිරීම සිදු කිරීමට නියමිත බවත් සහකාර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

     

    ඒ අනුව ප.ව. 06.00ට පමණ ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතය.

     

    මොනරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද දායක සංඛ්‍යාවෙන් සියයට 65ත් 67ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

     

    මොනරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව 3,32,764 ක් වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya