ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    "ගුරු ප්‍රතිභා ප්‍රණාම" උළෙල හෙට

    ඔක්තෝබර් 05, 2014
    ලෝක ගුරු දිනයට සමගාමී ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන "ගුරු ප්‍රතිභා ප්‍රණාම"  ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) පෙ.ව.10.00ට  මහරගම ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.


    පරිවේනාධිපති ස්වාමීන් වහන්සේලා 25 නමක්, සියලු ම පළාත් නියෝජනය වන ගුරු, විදුහල්පතිවරුන් 700ක්, පරිවේනාචාර්යවරුන් 70ක් හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ 25 දෙනෙකු යනාදී වශයෙන් 820 දෙනෙක් සඳහා මෙහිදී ප්‍රණාම තිළිණ ප්‍රදානය කෙරෙති.
     
    අධ්‍යාපන ක්‍රියාවලියේ නියමුවා වන්නේ ගුරුවරයායි. ලෝකය සැකසීමේදී හා එය හැඩගැන්වීම සඳහා ගුරුවරයා වෙතින් ඉටුකෙරෙන කාර්යභාරය අතිවිශිෂ්ටය. නිර්මාණාත්මක බව මෙන් ම සංවේදීතාවකින් ලෝකය බිහිකිරීම සඳහා උදාරතර මෙහෙවරක යෙදෙන ගුරු පරපුර වෙතින් කෙරෙන අමිල සේවය ඇගයීමට ගුරුවරුන් සඳහා ම වෙන් වූ දිනයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1994 වර්ෂයේදීය. එයට සමගාමී ව ශ්‍රී ලංකාවේ  ද නව ගුරු සේවාවක් හඳුන්වා දෙමින් ගුරු සේවය විධිමත් භාවයකට පත් කරන ලද අතර එහිදී වර්ග ගණනාවකට අයත් ව තිබුණු ගුරුවරුන්ගේ සේවාවන් සේවා කාණ්ඩ 3ක් යටතට ඇතුළත් කිරීම සිදු කෙරිණි. එම ගුරු සේවයට නිසි පිළිගැනීමක් ලබාදෙමින් ආරම්භ කරන ලද ගුරු ඇගයීමේ වැඩසටහන වඩා උත්කර්ෂවත් කිරීමට වර්තමාන අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ගුරු ප්‍රතිභා ප්‍රණාම උළෙල පැවැත්වීමට පියවර ගෙන තිබේ.

     

    අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya