ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    උතුර හැර අනෙක් පළාත්වලට ගිගුරුම් සහිත වැසි Featured

    ඔක්තෝබර් 05, 2014

    අද (05) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී උතුරු පළාත හැර දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව උදය කාලයේ දී  ප්‍රධාන වශයෙන් දිවයින පුරා වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                            


    කොළඹට සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

    ගාල්ලට සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    ත්‍රිකුණාමලයට යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.

    අනුරාධපුරයට නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට මන්නාරමට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                      


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 14.1ක වර්ෂාපතනයක් නුරාධපුරයෙන් ද මි.මී. 20.2ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 10.6ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ‍ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C යාපනය සහ අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.2°C යාපනය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.3°C නුවරඑළියෙන් ද මි.මී. 95.8ක උපරිම වර්ෂාපතනය රන්ටැඹේ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya