ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොන දෙසින් අඩුපීඩන කලාපයක් Featured

    ඔක්තෝබර් 07, 2014

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොන දෙසින් අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති බැවින් දිවයිනට නැඟෙනහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල කාලගුණයට හෙට සිට බලපෑම් ඇති කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද (07) උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් උදය කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා හැක.

    අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අනෙක් පළාත්වල තැනින්තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                


    කොළඹ, ගාල්ල, නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට වැසි වාර කිහිපයක් ඇති වේ.

    අනුරාධපුරයට ත්‍රිකුණාමලයට මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     යාපනයට මන්නාරමට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                              


    අද උදෑසන 2.30 වනවිට මි.මී. 5.9ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 8.5ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 9.5ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ‍ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.8°C ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.5°C නුවරඑළියෙන් ද මි.මී. 50.2ක උපරිම වර්ෂාපතනය කළුතර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya