ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    “හුඩ්හුඩ්” සුළි කුණාටුව තවත් චණ්ඩ වී ඉන්දියාව දෙසට Featured

    ඔක්තෝබර් 11, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති “හුඩ්හුඩ්” චණ්ඩ සුළිකුණාටුව මේ වනවිට ඉතා චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී යාපනය සිට කි.මී. 900ක් පමණ ඊසාන දෙසින් ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    එහි බලපෑම නිසා දිවයින හරහා (විශේෂයෙන් උතුරු ප්‍රදේශවල) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයාමට හැකියාව පවතී.


    අද (11) උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා  හැක.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                          


    කොළඹ, ගාල්ල, නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට වැසි වාර කිහිපයක් ඇති වේ.

    ත්‍රිකුණාමලයට මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට වැසි ස්වල්පයක් ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                     


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 50.2ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ‍ද මි.මී. 14.2ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 29.2ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 3.8ක වර්ෂාපතනයක් යාපනයෙන් ‍ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.°C ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.7°C ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව ප්‍රදේශවලින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.8°C නුවරඑළියෙන් ද මි.මී. 100.3ක උපරිම වර්ෂාපතනය ලක්ෂපාන ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

     


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya