ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    “ Techno – 2014” විවෘත වේ Featured

    ඔක්තෝබර් 10, 2014
    “ Techno – 2014” ජාතික ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී සිදුකෙරිණ.
     
    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය 29 වන වරටත් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබීය. 1906 වසරේ දී ආරම්භ කර ඇති ශ්‍රී ලංකා  ඉංජිනේරු ආයතනය මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය අධ්‍යාපනය නංවාලීම උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඊට අමතරව ඉංජිනේරු හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා විවිධ වැඩසටහන් ද ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මඟින් ක්‍රියාවට නංවනු ලබයි.
     
    ඉංජිනේරු හා තාක්ෂණික අංශයන්හි ප්‍රදර්ශන කුටි 269 කින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ. අද සිට 12දා දක්වා පෙ.ව. 9.00 සිට රාත්‍රී 8.00 දක්වා “ Techno – 2014” ජාතික ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනය විවෘතව තැබේ.
     
    මෙහිදී සමස්ත ලංකා පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරගයේ ජයග්‍රාහකයන් 20 දෙනාගේ නිර්මාණ ද ප්‍රදර්ශනය සඳහා එක්කර තිබූ අතර එය අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට ලක් විය. එහි ජයග්‍රාහකයන් මෙම ප්‍රදර්ශනයේ දින තුන අවසානයේ තෝරා ගැනීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ශවේන්ද්‍රනාත් ප්‍රනාන්දු, හිටපු සභාපති තිලක් ද සිල්වා එහි සංවිධායක කමිටු සභාපති එස්.බී. විජේකෝන් යන මහත්වරුන්, වෘත්තිකයන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya