ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සියලු ම ප‍්‍රාථමික පාසල් ළමා මිතුරු පාසල් බවට ප‍්‍රතිනිර්මාණය කිරීමට නව සැලැස්මක්

    ඔක්තෝබර් 16, 2014

    2016 වන විට සියලු ම ප‍්‍රාථමික පාසල් ළමා මිතුරු පාසල් බවට පත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හා එක් ව සකස් කරන ලද බහු ආංශික ක‍්‍රියාකාරී සැලැස්ම අද (16) එළිදැක්විණි.


    මෙම වැඩසටහන පාසල් සිසුන් මුහුණපාන බාධක ඉවත් කර ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ප‍්‍රථම වරට අමාත්‍යංශ 09ක් හා එක් ව සකස් කරන ලද ඒකාබද්ධ සැලැස්මකි.

    දීර්ඝ කාලයක් තුළ අධ්‍යාපනය සඳහා පැවති අභියෝග මෙම බහු ආංශික සැලැස්ම නිර්මාණය කිරීමේදී සැලකිල්ලට භාජනය කර ඇති අතර ප‍්‍රවාහන අමාත්‍යංශය මඟින් පාසල් ප‍්‍රවාහන පද්ධති ශක්තිමත් කිරීම, දරුවන්ට කායික දඬුවම් ලබා දීමට එරෙහි ව වැඩසටහන් දියත් කිරීමට පොලිසිය මැදිහත් වීම, ක‍්‍රියාකාරී විෂයමාලා තුළින් පාසල් ගෙවතු වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශ සම්බන්ධ කරගැනීම සහ නිරන්තර වෛද්‍ය පරීක්‍ෂණ හා සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ සම්බන්ධ වීම මෙන් ම නිරන්තර වෛද්‍ය පරීක්‍ෂණ හා සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම ආදිය මෙම නව සැලැස්ම සඳහා ඇතුළත් වේ.

    අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්හට අඛණ්ඩ අධ්‍යාපනය සහතික කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ සමාජ සේවා අමාත්‍යංශය විසින් දියත් කරනු ලබන විදේශ ආධාර ක‍්‍රමවේදයන් පිළිබඳව ද මෙම සැලැස්මෙහි ඇතුළත් ව ඇත .

    ප‍්‍රාථමික අධ්‍යාපනය සඳහා ඉහළ ප‍්‍රවේශයක් සහ ගැහැණු සහ පිරිමි ළමයින් ඉහළ ප‍්‍රතිශතයක් ප‍්‍රාථමික අධ්‍යාපනය තුළ රැඳී සිටීම වාර්තා කිරීම තුළින් ශ‍්‍රී ලංකාව අධ්‍යාපනයේ සහස‍්‍ර සංවර්ධන ඉලක්ක සාක්‍ෂාත් කර ගෙන ඇත. ඉගැන්වීමට පමණක් සීමා නොකර ‘පාසල’ දරුවන් ඉගෙන ගන්නා තැනක් බවට පත් කිරීම උදෙස ළමා මිතුරු ප‍්‍රවේශය ජාතික වැඩපිළිවෙළක් ලෙස පිළිගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රටෙහි ප‍්‍රමුඛතාව බවට පත් වී ඇත .

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya