ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරා අකුණු සමඟ වැසි Featured

    ඔක්තෝබර් 17, 2014

    අද (17) වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිළි ස්වභාවය නිසා, අපරභාගයේ දී  සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අකුණු සමඟ වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    ඉදිරි පැය 36 සඳහා ඊයේ පස්වරු 4.00ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                         


    ගාල්ලට කොළඹට අනුරාධපුරයට මන්නාරමට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    යාපනයට ත්‍රිකුණාමලයට මඩකළපුවට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                     


    ඊයේ පස්වරු 5.30 වනවිට මි.මී. 31.6ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 8.8ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 5.7ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 5.0ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 37.6ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද මි.මී. 10.7ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 2.8ක වර්ෂාපතනයක් මොනරාගලින් ද මි.මී. 3.3ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 38.6ක වර්ෂාපතනයක් මත්තලින් ද මි.මී. 3.3ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 4.8ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.2°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.2°C නුවරඑළියෙන් ද මි.මී. 115.5ක උපරිම වර්ෂාපතනය රත්නපුර කෑරගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya