ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොස්ලන්ද නාය යාමේ සිද්ධියෙන් අනාරක්ෂිත බවට පත් ව ඇති ළමයින් පිළිබඳ ව 1929ට දැනුම් දෙන්න

    ඔක්තෝබර් 30, 2014
    බදුල්ල, බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ කොස්ලන්ද හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ ඊයේ (29) ඇති වූ නාය යාමේ සිද්ධියෙන් අනාරක්ෂිත බවට පත් ව ඇති සියලු  ළමයින් පිළිබඳව  “1929 ශී‍්‍ර  ලංකා ළමා දුරකතන සේවය” අමතා තොරතුරු ලබා දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    මෙවැනි ව්‍යසනයක් සිදු වූ අවස්ථාවක දී ළමයින් පැහැර ගැනීම වැනි විවිධාකාර ළමා අපයෝජන සිදු විය හැකි බැවින් ළමයින් පිළිබඳ ව විශේෂ අවධානයකින් පසුවීම අත්‍යවශ්‍ය වේ.
     
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක්  ද මේ වන විටත් එම ප‍්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇති බව  ජාතික ළමා ආරක්ෂක  අධිකාරිය වැඩිදුරටත් පවසයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya