ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ආපදා කළමනාකරණයට ගුවන් හමුදාවෙන් සහය

    ඔක්තෝබර් 30, 2014
    බදුල්ල, හල්දුම්මුල්ල, මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදු වු ආපදා තත්ත්වය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබාදීම අදත් නොකඩවා  සිදු කෙරුණි.
     

    මෙම මෙහෙයුම් සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගන්නා ලද අතර මෙහිදී නිරීක්‍ෂණ කටයුතු සහ ජීවිත බේරා ගැනීමේ කටයුතුවල ඔවුන් නිරත විය. ශ‍්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද ඉල්ලීමක් මත එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් දිනයේ පැය 24 පුරාවට ම ඕනෑම වේලාවක පිටත්වීමට සූදානම් ව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ රඳවා තැබීමටද ගුවන් හමුදාව කටයුතු යොදන ලදී.


    ඊයේ නායයෑම සිදු වූ අවස්ථාවේ සිට බේරාගැනීමේ මෙහෙයුම්වලට ගුවන් හමුදාවේ සහය ලබාදෙන ලද අතර අද තවත් ගුවන් භටයින් 50 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු ජීවිත ගලවා ගැනීමේ සහ නිරීක්‍ෂණ ගොඩබිම් මෙහෙයුම් සඳහා යොදවන ලදී.


    බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දෙන තුරු ඕනෑ ම මොහොතක සූදානමින් නුවරඑළියේ රඳවා තිබෙන අතර එම්.අයි. 17 හෙලිකොප්ටර් යානය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ රඳවා තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් හෙලිකොප්ටර් යානා මගින් ජීවිත බේරා ගැනීමේ හා නිරීක්‍ෂණ මෙහෙයුම්වල නිරත වීම දුෂ්කර වී තිබේ.

     

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya