ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    තිරසර සාමය හා ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලියකට පොදුරද මඩුළු සහය Featured

    ඔක්තෝබර් 31, 2014
    උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ප‍්‍රකාරව ශී‍්‍ර ලංකාවට සැබෑ ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලික් වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලය සිය පුර්ණ සහය ලබාදෙන බව පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලෙෂ් ශර්මා මහතා පවසයි.
     
    උතුරේ සීඝ‍්‍රයෙන් සිදුකෙරෙන යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් සෑහීමට පත් විය හැකි බව පෙන්වා දුන් ශර්මා මහතා එය සැබෑ ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලියකට අත්‍යවශ්‍ය සාධකයක් බව ද පෙන්වා දෙයි.
     
    මෙම පොදු දේපොළ ගොඩනැගීම ජනතා සුබසාධනය හා ආර්ථික කි‍්‍රයාකාරකම් වෙනුවෙන් මනා පිටිවහලක් සපයන බව ද ශර්මා මහතා පැහැදිලි කරයි.
     
    සිය පස් දින ශී‍්‍ර ලංකා සංචාරය අවසානයේ පැවති මාධ්‍ය හමුවක දී ශර්මා මහතා මේ බව සඳහන් කොට ඇත.
     
    ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වු බව ද පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ දී ඇති කර ගත් එකඟතාවන් කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වු බව ද ශර්මා මහතා සඳහන් කළේය. 
     
    ශී‍්‍ර ලංකා රජයේ සාර්ථකත්වය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලික ව ම ලබාදෙන නායකත්වයේ වටිනාකම මෙහිදි ශර්මා මහතාගේ ඇගයීමට ලක්විය.
     
    මෙම සංචාරය අතරතුර ශර්මා මහතා ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් ද මුණගැසී සාකච්ඡා පැවැත්වීය.
     
    priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya