ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නැගෙනහිර ගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි

    නොවැම්බර් 03, 2014

    අද (03) නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.


    ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල්  හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya