ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අද මිලි මීටර්100ක පමණ තද වැසි Featured

    අප්‍රේල් 23, 2014

    අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් පැමිණෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් අද (23) වැසි ඇතිවීමේ තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ කොටස්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථානවලට මිලි මීටර්100ක පමණ තද වැසි ඇතිවීමටද ඉඩ ඇත.


    ත්‍රීකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇතිවේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.  


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya